Sri Lanka Government Web Portalසිංහල අකුරු මුහුණත බාගත කිරීමதமிலெழுத்தைப் பெறவூம்

සිංහල (Sinhala)தமிழ் (Tamil)English

Homeබදු හා ගාස්තු

බදු හා ගාස්තු

මුද්දර ගාස්තු

dutiesනිර්වචනය

  • මධ්‍යම පළාතේ: අංක 1990 අංක 17 දරණ මුදල් ප‍්‍රඥප්තියේ 37 වගන්තිය ප‍්‍රකාර මුද්දර ගාස්තු අය කරනු ලැබේ.

අය කිරීම්

  • මධ්‍යම පළාත තුළ පිහිටි නිශ්චල දේපලක් අන්සතු කර සින්නක්කරයේ විකුනන සෑම ඔප්පුවක් සම්බන්ධයෙන් ද,
  • ශ‍්‍රි ලංකාවේ මධ්‍යම පළාතේ නීතිය මඟින් සංස්ථාපනය කර ඇති  ඕනෑම අධිකරණයයක ගොනු කරන නඩුවක් සඳහා ඉදිරිපත් කෙරෙන සෑම ලියවිල්ලක් ම සම්බන්ධයෙන්ද,

ගාස්තුවක් අය කරනු ලැබිය යුතුය.

ක‍්‍රියාත්මක වීම

  • 1991 ජනවාරි 01 වෙනි දින සිට   ක‍්‍රියාත්මක වේ

මුද්දර ගාස්තු ප‍්‍රමාණයන්

01.

කිසියම් දේපලක් හුවමාරු කිරිම -  සම උරුමක්කාරයන් අතර නොවන විට*

a. වටිනාකම සමාන නම්

වෙළඳපොල වටිනාකම මත දේපොළ පැවරිම සඳහා එම ගාස්තුවම

 

b. වටිනාකම සමාන නොවන්නේ නම්

වෙළඳපොළවටිනාකම මත ගණන් බලා ඉහළ වටිනාකම මත දේපොල පැවරිම සඳහා එම ගාස්තුවම

 

කිසියම් දේපලක් හුවමාරු කිරිම -  සම උරුමක්කාරයන් අතර වන විට*

a. වටිනාකම සමාන නම්

 

රු. 10.00

 

b. වටිනාකම සමාන නොවන්නේ නම්

සමානකම සඳහා මුදල් පිළිබඳ සැලකිල්ලක් දක්වනු ලැබේ නම්, හුවමාරු කරගනු ලබන දේපල පිළිබඳ වෙළපලේ වටිනාකම්වල වෙනසට සමාන වන කල්හි එම දේපල හුවමාරු කිරිමේදී අදාළ වන ගාස්තුවම

02.
 

නිශ්චල දේපොල ත්‍යාග කිරිම*

 

a. වටිනාකම රු: 50,000 ක් හෝ හෝ ඊට අඩු විට

සෑම රු:100 ක් හෝ ඉන් කොටසක් සඳහා

රු. 3.00

 
 

b. වටිනාකම රු: 50,000 ඉක්ම වු විට
 

පළමු රු: 50,000 සඳහා

 රු. 1,500.00

ඉතිරි ශේෂයේ සෑම රු: 100ක් හෝ ඉන් කොටසක් සඳහා

රු. 2.00

 03.
 

නිශ්චල දේපොල සින්නක්කරයේ විකිණීම*

 

a. වටිනාකම රු: 100,000 ක් හෝ හෝ ඊට අඩු විට

සෑම රු:100 ක් හෝ ඉන් කොටසක් සඳහා

 රු. 3.00

 
 

b. වටිනාකම රු: 100,000 ඉක්ම වු විට
 

පළමු රු: 100,000 සඳහා

 රු. 3000.00

ඉතිරි ශේෂයේ සෑම රු: 100ක් හෝ ඉන් කොටසක් සඳහා

රු. 4.00

04.

නඩුවක් සඳහා ඉදිරිපත් කෙරෙන හෝ ගොනු කෙරෙන ලියවිල්ලක් සඳහා*

a. මහාධිකරණය

සෑම රු: 1000 ක් හෝ ඉන් කොටසක් සඳහා (උපරිමය රු:2000)

රු. 2.00

 05.

b. දිසා අධිකරණය

සෑම රු: 1000 ක් හෝ ඉන් කොටසක් සඳහා (උපරිමය රු:1,000)

රු. 1.00

ගැසට් පත‍්‍රය

* ගැසට් නිවේදනය -642/18, 1990.12.28


මුද්දර ගාස්තු සඳහා තක්සේරු කිරිම (නිශ්චල දේපල)

තෑගි කරනු ලැබු නිශ්චල දේපලක් නොවන යම් දේපොලක් සහ යම් දිනයක් සම්බන්ධයෙන් වන විට තක්සේරුකරුගේ මතය අනුව, එදිනට විවෘත වෙළඳපොලේදී ඒ දේපලට ලැබිය හැකි මිල ගණන අදහස් වේ.

ත්‍යාග කරන්නා විසින් 1977-03-31 දින හෝ ඊට පෙර අත්පත් කර ගන්නා ලද පසුව තෑගි කරනු ලැබුවාවු යම් නිශ්චල දේපොලක් වු විට,

  1. තක්සේරුකරුගේ මතය අනුව එම දේපොල 1977-03-31 දින විවෘත වෙළඳපොලේ අලෙවි කළේ නම් ඒ සඳහා ලැබිය හැකිව තිබු මිලට, 1977-03-31 දිනෙන් පසුව සහ සාධන පත‍්‍රයේ දිනට පෙර එම දේපලට යම් එකතු කිරිම් කර ඇත්නම් ඒ සඳහා වැය වු මුදල එකතු කිරිමෙන් ලැබෙන මුදල

    හෝ

  2. තක්සේරුකරුගේ මතය අනුව එම දේපොල ත්‍යාාග කරන ලද ඔප්පුව ලියු දිනයේ දී විවෘත වෙළඳපොලේ අලෙවි කළේ නම් එම දේපල වෙනුවෙන් ලැබිය හැකිව තිබුණු මිල


මෙයින් කුමන හෝ අඩු මිල ගණන අදාළය.
 

ත්‍යාග කරන්නා විසින්  1977-03-31 දිනෙන් පසුව අත්කර ගන්නා ලද නිහ්චල දේපොලක් වු විට අදහස් කරන්නේ -

  1. තක්සේරුකරුගේ මතය අනුව එම දේපොල තෑගි කරන්නා විසින් අත්කර ගන්නා දිනයේ විවෘත වෙළඳපොලේ දී අලෙවි කළේ නම් ඒ සඳහා ලැබිය හැකිව තිබු මිලට, තෑගි කරන්නා විසින් එම දේපොල අත්කර ගැනිමෙන් පසු  සහ සාධන පත‍්‍රයේ දිනයට පෙර එම දේපලට වැඩි දියුණු කිරිම්, වෙනස් කිරිම් සහ එකතු කිරිම් සඳහා වියදම් වු මුදල එකතු කිරිමෙන්  ලැබෙන මුදල

    හෝ

  2. තක්සේරුකරුගේ මතය අනුව එම දේපොල ත්‍යාග කරන ලද ඔප්පුව ලියු දිනයේ දී විවෘත වෙළඳපොලේ දී අලෙවි කළේ නම් එම දේපොල වෙනුවෙන් ලැබෙන මිල ප‍්‍රමාණය

මෙයින් කුමන හෝ අඩු මිල ගණන අදාළය.


ඔප්පුවක් ලියා සහතික කිරිමේ දී ගෙවිය යුතු ගාස්තුව

නිශ්චල දේපොලක් සින්නක්කරයේ විකිණීම/ අන්සතු කිරිම සම්බන්ධයෙන් වු විට එම ලේඛනය හෝ ඔප්පුව සඳහා ගෙවිය යුතු මුද්දර ගාස්තුව නියමිත බැංකුවකට ගෙවිය හැකිය. එම බැංකුව ඒ සඳහා නියමිත ආකෘතියේ මුද්දර ගාස්තුව ගෙවු බව සහ එම දිනය සඳහන් සහතිකයක් නිකුත් කරනු ඇත. එසේ බැංකුව විසින් නිකුත් කරනු ලබන සහතිකය ඔප්පුවේ අලවා තැබිය යුතුය.

මෙම බැංකු සහතිකය මහජන බැංකුවේ හෝ ලංකා බැංකුවේ  ඕනෑම ශාඛාවකින් ලබාගත හැකිය.

ව්‍යාපාර පිරිවැටුම් බද්ද

turnover taxනිර්වචනය

  • 1990 වර්ෂයේ අංක 17 දරණ මධ්‍යම පළාත් මුදල් ප‍්‍රඥප්තියේ අංක 03 දරණ වගන්තිය යටතේ ව්‍යාපාර පිරිවැටුම් බද්ද අයකරනු ලැබේ.

අය කරනු ලබන්නේ

  • මධ්‍යම පළාත තුළ කිසියම් භාණ්ඩ හෝ ද්‍රව්‍ය වර්ගයක් අලෙවි කිරීමේ දී , අයිතමයේ විකුණුම් මිලේ වටිනාකම මත 01‍% සිට 05‍% දක්වා ප‍්‍රමාණයේ ව්‍යාපාර පිරිවැටුම් බද්දක්ය.

ක‍්‍රියාත්මක වන්නේ

  • 1991 ජනවාරි 01 වැනි දින සිටය. 2011 ජනවාරි 01 සිට අත්හිටුවා ඇත 

පිරිවැටුම් බදු අය කිරිමේ ප‍්‍රමාණය

රත්තරන්, මැණික්, ස්වාර්ණාභරණ, ගෘහස්ථ භාණ්ඩ, දැව, සිගරට් සහ මත්පැන්      - 05‍%

වෙනත් භාණ්ඩ හා ද්‍රව්‍ය                                                                        01%

ගැසට් පත‍්‍ර

  1. 636/13, 1990.11.15
  2. 642/18, 1990.12.28
  3. 917/2,1996.04.01
  4. 1371/23,2004.12.16
  5. 1389/5,2005.04.18
  6. 1467/14,2006.10.17
  7. 1476/1,2006.12.18

ඔට්ටු බද්ද

betting taxනිර්වචනය

  • 1996 අංක 03 දරණ මධ්‍යම පලාත් මුදල් ප‍්‍රඥප්තියේ (පරිපුරක ප‍්‍රතිපාදන) අංක 06 දරණ වගන්තිය ප‍්‍රකාර ඔට්ටු  සඳහා බදු මුදල් අය කරනු ලැබේ.

අයකරනු ලබන්නේ

  • පළාත තුළ පිහිටි ස්ථානයක හෝ පරිශ‍්‍රයක දී පැවැත්වෙන අශ්ව රේස් (පළාත තුළ පැවැත්වෙන හෝ එසේ නොපැවෙත්වෙන* සඳහා මුදලින් හෝ ණය මත තබනු ලබන සෑම ඔට්ටුවක් සඳහාම, අමාත්‍යවරයා විසින් නියෝග කර ගැසට් පත‍්‍රයේ පල කරනු ලබන මුදලක්ය.

ක‍්‍රියාත්මක වන්නේ

  • 1997 ජනවාරි 01 දින සිටය

ඔට්ටු  බදු ප‍්‍රමාණය

  • සෑම ඔට්ටුවක් සඳහාම 05‍% ක්ය

ගැසට් පත‍්‍රය

  1. 953/9,1996.12.10

 

 

 

කාර්ය එලය

duties

මුද්දර ගාස්තු ආදායම

 වසර

ඉලක්කය (රු. 000,000)

රැස්කළ ආදායම (රු. 000,000)

1991

20

30

1992

21

37

1993

32

47

1994

40

57

1995

40

66

1996

40

63

1997

80

80

1998

84

99

1999

80

107

2000

80

118

2001

125

120

2002

130

138

2003

160

205

2004

160

253

2005

260

331

2006

270

358

2007

420

427

2008

659

417

2009

907

374

2010

440

481

2011

368

684

2012

725

827

2013

850

862

 


ව්‍යාපාර පිරිවැටුම් බදු  ආදායම

 වසර

ඉලක්කය (රු. 000,000)

රැස්කළ ආදායම (රු. 000,000)

1991

105

104

1992

150

140

1993

150

163

1994

185

178

1995

207

193

1996

207

199

1997

220

225

1998

220

240

1999

229

267

2000

240

279

2001

315

315

2002

306

332

2003

350

396

2004

380

438

2005

450

483

2006

500

576

2007

773

1059

2008

1170

1328

2009

1739

1511

2010

2000

1683

2011

375

417*

2012

60

45*

* රාජ්‍ය අයවැය ප‍්‍රතිපත්තියක් ලෙස 2011 ජනවාරි මස 01 දින සිට ව්‍යාපාර පිරිවැටුම් බදු රැස් කිරීම අත්හිටවු අතර, 2010-12-31 දින දක්වා හිඟ පිරිවැටුම් බදු එකතු කිරිම පමනක් වර්තමානයේ සිදු වේ.

ප‍්‍රධාන වශයෙන් කාර්ය ඉටු කිරිමේ ක්‍ෂේත‍්‍ර

Road Development Servicesවෙළඳපොළ  වටිනාකම මත පදනම් වු මුද්දර ගාස්තු තක්සේරු කිරිම  හා රැස් කිරිම

  • අදාළ කාර්යාල හා බැංකු වෙත ගොස් තොරතුරු රැුස්කිරිම
  • ඉඩම් ලියාපදිංචි කිරිමේ කාර්යාල හා ප‍්‍රසිද්ධ නොතාරිස්වරුන් සමඟ යහපත් සම්බන්ධතා පැවැත්වීම
  • තොරතුරු ලැයිස්තු අනුව ලිපිගොනු ආරම්භ කිරිම
  • ලිපිගොනුවට අවශ්‍ය ඔප්පු , ලිපිලේඛන කැඳවීම
  • ලිපිගොනු විශ්ලේෂණය
  • ගෙවා ඇති ගාස්තු ප‍්‍රමාණවත් නොවේ නම් අතිරේක ගාස්තු තක්සේරු කිරිම

බදු ගෙවන්නන් බදු ගෙවීම සඳහා පෙළඹවීම

  • ස්වයං තක්සේරුව මත බදු ගෙවන්නන් බදු හා ගාස්තු ගෙවීම සඳහා පෙළඹවීම
  • අදාළ ස්ථානවල දැන්වීම් ප‍්‍රදර්ශනය කිරිමට සැලැස්වීම
  • ප‍්‍රවෘත්ති පළ කිරිම
  • දැනුවත් කිරිමේ වැඩසටහන් දියත් කිරිම
  • දේපල පරික්‍ෂා කිරිම
  • සම්මුඛ සාකච්ඡුාවලදී බදු ගෙවන්නන් හට බදු හා ගාස්තු ගෙවීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම

හිඟ බදු ශේෂය ශුන්‍ය වු මට්ටමට ගෙන ඒම

  • පවතින හිඟ බදු ශේෂය ප‍්‍රතිශතාත්මකව අඩු කර ගැනීම
  • අභීයායචනා හා විරෝධතා විසඳාලීම
  • බදු ගෙවන්නන් වෙත ගොස් ගෙවීම පැහැර හැර ඇති බදු  අය කර ගැනීම
  • බදු ගෙවීම් කර නැති හෝ බදු ගෙවීම් සඳහා එකඟතාවයට පැමිණ නැති බදු ගෙවන්නන්ට එරෙහිව නීති කෘත්‍යයන් ගොනු කිරිම

යාවත්කාලීන කරන ලද දත්ත  පද්ධතිය

  • ලේඛනාගාරයේ ලිපිගොනු යාවත්කාලීන කිරිම
  • 2010-12-31 දක්වා වු පිරිවැටුම් බදු ගොනු සම්පුර්ණ කිරිම
  • මුද්දර ගාස්තු ගොනු යාවත්කාලීන කිරිම
  • ජාලගත පරිගණක පද්ධතියක් මඟින්, යාවත්කාලීන කරන ලද තොරතුරු ලබා ගැනීමට පහසුකම් සැලසීම
  • නව ආදායම් උත්පාදන මාර්ග පිළිබඳ පර්යේෂණ පැවැත්වීම හා සංවර්ධනය
  • නීතිමය ප‍්‍රතිපාදන තුළ ආදායම් මාර්ග ඇති කිරිම සඳහා අධ්‍යයනය කිරිම
  • හඳුනාගත් ආදායම් මාර්ග සම්බන්ධයෙන් සක්‍යතා අධ්‍යයනයක් පැවැත්වීම
  • එම එක් එක් මාර්ගවලින් ලැබිය හැකි ආදායම් ප‍්‍රමාණය මැන ගණන් බැලීම
  • ඉතාමත් සුදුසුයැයි හැෙඟන ආදායම් මාර්ග නිශ්චය කිරිම
  • නව ආදායම් යෝජනා අනුමැතිය ලබා ගැනීම සඳහා ප‍්‍රධාන ලේකම් වෙත යොමු කිරිම
  • අනුමත ආදායම් මාාර්ග ක‍්‍රියාත්මක කිරිම

කාර්ය මණ්ඩලයේ වෘත්තීමය නිපුණත්වය ප‍්‍රවර්ධනය කිරිම

  • වෘත්තීය පුහුණුව අවශ්‍ය ක්‍ෂේත‍්‍ර හඳුනා ගැනීම
  • අවශ්‍ය කරන පිළිවෙත් හා ක‍්‍රියා මාර්ග සකස් කිරිම
  • අවශ්‍ය කරන සම්පත්දායකයින් හා ආයතන හඳුනා ගැනීම
  • පුහුණුවීම් හා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම

කාර්ය සාධනය ඇගයීම

  • එක් එක් නිලධාරියාගේ දෛනික හා මාසික ප‍්‍රගති වාර්තාව
  • දෙපාර්තමේන්තු කාර්ය සාධනය පිළිබඳව අර්ධ වාර්ෂික වාර්තාව
  • දෙපාර්තමේන්තු කාර්ය සාධනය පිළිබඳව වාර්ෂික වාර්තාව

යහපාලනය

  • රාජ්‍ය නීතිරිතිවලට අනුකූලව රාජකාරි කර්තව්‍යයන් ඉටු කිරිම
  • විගණන විමසුම් අවම කර ගැනීම
  • සේවාදායකයින්ගෙන් ලැබෙන පැමිණිලි අවම මට්ටමට ගෙන ඒම

पृष्ठ 1 का 2

මුද්දර ගාස්තු

Central Province Road Development ඔබේ දේපලට නියම වටිනාකමක්

ව්‍යාපාර පිරිවැටුම් බද්ද

alternative power and energy මැද රට නැඟුමට ව්‍යාපාරික සවිය

ඔට්ටු බද්ද

housing_construction services විනෝදයට ආර්ථික වාසියක්

අප වෙත පැමිණෙන්න

Reach us අංක 244, කටුගස්තොට පාර,
මහනුවර, ශ‍්‍රී ලංකාව.

Joomla template by Joomlashine.com