පළාත් ආදායම් දෙපාර්තමේන්තුව සංස්ථාපනය කිරිම (මධ්‍යම පළාත)
ශ‍්‍රි ලංකා ප‍්‍රජාන්ත‍්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ප්‍රකාර පළාත් සභා පරිපාලන ඒකක පිහිටුවා ඇති අතර ආදායම් උත්පාදනය කිරිමට සම්බන්ධිත කාර්යයන් මෙහෙය වීම සඳහා පළාත් ආදායම් දෙපාර්තමේන්තු සංස්ථාපනය කර තිබේ.
මහනුවර, මාතලේ, නුවරඑළිය දිස්ත‍්‍රික්ක ඒකාබද්ධ කිරිමෙන් මධ්‍යම පළාත් සභා පරිපාලන ඒකකය පිහිටුවා ඇත. ව්‍යවස්ථාවේ දැක්වෙන නීතිමය ප‍්‍රතිපාදන යටතේ මධ්‍යම පළාත් සභාව මඟින් සම්මත කර ගන්නා ලද 1990 අංක 17 දරණ මුදල් ප‍්‍රඥප්තියෙහි දැක්වෙන නීතිමය රාමුවට අනුකූලව මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව සංස්ථාපනය වී තිබේ.
ඉහත සඳහන් මුදල් ප‍්‍රඥප්තිය සහ ඊට අදාළ 1996 වර්ෂයේ අංක 03 දරණ සංශෝධිත මුදල් ප‍්‍රඥප්තිය හා 2014 අංක 4 දරණ මධ්‍යම පළාත් සභාවේ බඩු උකස්ගන්නන්ගේ ප‍්‍රඥප්තිය ප‍්‍රකාර පළාත් ආදායම් කොමසාරිස් විසින් සෘජුවම හෝ වක‍්‍රකාරව පරිපාලනය කෙරෙන ආදායම් මාර්ග 13 ක් ඇත.
- මුද්දර ගාස්තු
- ව්‍යාපාර පිරිවැටුම් බද්ද (බී.ටී.ටී.)
- සුරාබදු ආදායම්
- ලොතරැුයි බද්ද
- මෝටර් රථ වාහන ගාස්තු
- අධිකරණ දඩ ගාස්තු
- තෑගි තරඟ බද්ද
- ඔට්ටු බද්ද
- ඉඩම් සංවර්ධන ආඥා පනත හා රාජ්‍ය ඉඩම් ආඥා පනත යටතේ ඉඩම් සඳහා ගාස්තු
- ඛනිජ අයිතීන් පිලිබඳ බද්ද
- වන සත්ත්ව සහ වෘක්‍ෂලතා ආරක්‍ෂණ ආඥා පනත යටතේ අය කෙරෙන ගාස්තු
- පඩි හා මිමි ආඥා පනත යටතේ අය කරනු ලබන ගාස්තු
- බඩු උකස් ගන්නන්ගේ ප‍්‍රඥප්තිය යටතේ අය කෙරෙන ගාස්තු
මෙම ආදායම් මාර්ග 13 අතරින් දැනට පහත සඳහන් ආදායම් මාර්ග සෘජුවම පරිපාලනය කරනු ලබන්නේ ආදායම් දෙපාර්තමේන්තුව මඟින්ය.
- මුද්දර ගාස්තු
- ව්‍යාපාර පිරිවැටුම් බද්ද (බී.ටී.ටී.)
- ඔට්ටු බද්ද
- ඛනිජ බද්ද (2014.04.01 දින සිට)
- බඩු උකස්ගන්නන්ගේ බලපත්‍ර ගාස්තු
භෞතික හා මානව සම්පත් සංවර්ධනය
1991 වර්ෂයේ දෙපාර්තමේන්තුව සංස්ථාපනය කිරිමත් සමඟ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අනුයුක්ත කරන ලද හත් දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සිටියහ. සියලූම ශ්‍රේණීන් ඇතුළත්ව වර්තමානයේ දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය 61 කි. පළාත් ආදායම් සේවය සංවෘත සේවයක් වන අතර, එම 61 දෙනාගෙන් නිලධාරින් 56 ක් ස්ථිර කාර්ය මණ්ඩලයට අයත්ය. ඉතිරි 05 දෙනා අනියම් නිලධාරින්ය.
මෙම දෙපාර්තමේන්තුව ආරම්භ කරන විට ඒ සඳහා ස්ථිර කාර්යාල පරිශ‍්‍රයක් නොතිබිණ. 1991 සිට 1999 දක්වා වු කාලය තුළ දෙපාර්තමේන්තුව ස්ථාන තුනකට රැුගෙන ගොස්තිබේ. 1999 වර්ෂයේ දී මහනුවර මහ නගර සභා සීමාව තුළ දෙපාර්තමේන්තුව සඳහා වු මහල් හතරකින් සමන්විත නව කාර්යාල ගොඩනැගිල්ලක් අත්පත් කර ගෙන ඇත.
ආදායම් ප‍්‍රවර්ධනය
1991 වර්ෂයේ දී රැුස් කළ පිරිවැටුම් බද්ද රුපියල් මිලියන 104ක් විය. එම ප‍්‍රමාණය 2006 වර්ෂයේ දී මිලියන 576 ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකිවී තිබේ. 2008 වර්ෂයේ ආදායම් ඉලක්කය රුපියල් මිලියන 1170 ක් වු අතර එම වසරේදී රුපියල් මිලියන 1328 ක ආදායමක් රැුස් කර ගත හැකි විය. ඉන් ඉක්බිතිව 2010 වර්ෂයේ දී එම ප‍්‍රමාණය රුපියල් මිලියන 1683 දක්වා වර්ධනය කර ගැනීමට හැකි විය. 1991 වර්ෂයේ දී රැුස් කළ මුද්දර ගාස්තු රුපියල් මිලියන 30කි. 2013 වර්ෂය වන විට එම පරා0 මාණය රුපියල් මිලියන 862 දක්වා වර්ධනය විය.
තාක්‍ෂණීක දියුණුව
රාජ්‍ය ආයතනයක් ලෙස, 2000 වර්ෂය දක්වා ලේඛනගත දත්ත පද්ධතියක් භාවිතා කරන ලද අතර 2000 වර්ෂයේ සිට ඒක පරිශිලන පරිගණක දත්ත පද්ධතියක් කරා පරිවර්තථනය විය. වර්ෂ 2008 වන විට දෙපාර්තමේන්තුව තුළ ඕනෑම ස්ථානයකදී, ඕනෑම නිලධාරියෙකුට, අධි ආරක්‍ෂික ජාල පද්ධතියකට පිවිසිය හැකි බහු පරිශීලන දත්ත පාදක පද්ධතියක් වර්ධනය කිරිමට හැකියාව ලැබීණ. වර්තමානයේ කාර්ය මණ්ඩලයේ කාර්ක්‍ෂමතාවය ඉහළ නඟමින් මුළුමනින්ම පරිගණක ගත කරන ලද පරිසරයක් බිහි වී තිබේ.
මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව යමින් ආයතන කේන්ද්‍රගත දෙපාර්තමේන්තුවක් වෙනුවට පුරවැසි කේන්ද්‍රගත වු දෙපාර්තමේන්තුවක් ලෙස ආයතනයේ සේවාව පරිවර්ථනය වී ඇත.
සුවිශේෂ ජයග‍්‍රහණ
2007, 2008, 2009 වර්ෂවලදී ඵලදායීතාවය වර්ධනය කිරිම සඳහා වු මධ්‍යම පළාත් අන්තර් දෙපාර්තමේන්තු තරඟවලදී නොකඩවාම ඉහළ ස්ථානයක් දිනා ගැනීමට මෙම දෙපාර්තමේන්තුවට හැකියාව ලැබී තිබේ.
ආදායම් එකතු කිරිමේ සාර්ථකත්වය සම්බන්ධයෙන් නිරතුරුවම මෙම දෙපාර්තමේන්තුව මධ්‍යම පලාත් ගරු ආණ්ඩුකාරතුමාගේ ද, ගරු ප‍්‍රධාන ඇමතිතුමාගේද, ප‍්‍රධාන ලේකම්තුමාගේද ඇගයුමට ලක්ව ඇත.